ඔබත් එන්න අපේ ඔන්ලයින් ඉස්කොලෙට......

මො/පැල්වත්ත නවෝද්‍යා මහ විදුහල ඌව පළාතේ වැල්ලවාය අධ්‍යාපන කලාපයේ බුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ද්විතියීක පාසලකි.

කොරෝනා (COVID - 19) වෛරසය ‍හේතුවෙන් දිර්ඝ කාලයක් පාසල වසා තැබීමෙන් දරුවන්ට සිදුවෙන අධ්‍යාපනික පාඩුව අවම කරගැනීම හා නිවසේ සිටම ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ අපේක්ෂාවෙන් පාසල මඟින් මෙම බ්ලොග් අඩවිය නිර්මාණය  කර ඇත. 
අප විදුහලේ ආචාර්ය මණ්ඩලය ඒ සඳහා කටයුතු කරනු ලබයි. සම්පුර්ණ මෙහෙයවීම තොරතුරු තාක්ෂණ ආචාර්ය කැලුම් කෝණාර මහතා මුලීක පාසල් වෙබ් කණ්ඩායම විසිනි.

මෙම බ්ලොග් අඩවිය සියලු දරුවන් සඳහා බැවින් අවශ්‍ය විෂය කරුණු ඉගෙනීම සඳහා පරිශිලනය කරන්න.

වි.මු. නන්දසේන
විදුහල්පති



ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව හා පළාත් මාධ්‍ය ඒකකය මගින් සම්පාදනය කරන ඌවදීප අධ්‍යාපනික පුවත්පත  මෙතනින්  බලන්න.