නර්තනය
සැකසුම : රෝෂණි අබේගුණවර්ධන
11 ශ්‍රේණිය
නර්තනය
Speed Test
**භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
- උඩරට , පහතරට , සබරගමු වන්නම් ගණන පිළිවෙලින් ,
- 32 , 24 , 18
- 24 , 32 , 12
- 18 , 32 , 18
- 12 , 32 , 18
- වන්නම්වල පොදු ලක්ෂණ වලට අයත් නොවන්නේ ,
- මුල් කාලයේ දී වන්නම් ගායනා සඳහා රචනා වී ඇත.
- තාල රූපයකට අනුව වන්නම් නිර්මාණය වී තිබේ.
- පසු කාලයේ දී වන්නම් නර්තනය සඳහා යොදා ගනී.
- වන්නම් දම්වැලක පුරුක් මෙන් එකිනෙකට සම්බන්ධ වේ.
- උඩරට වන්නම් රචනා වූයේ ,
- කොළඹ යුගයේ දී .
- පොළොන්නරු යුගයේ දී.
- මහනුවර යුගයේ දී.
- ගම්පල යුගයේ දී .
- උඩරට වන්නම් පිළිබඳව සදහන්වන කෘති දෙක නම්,
- ශෘංගාලංකාරය සහ පැරකුම්බා සිරිත.
- ශ්‍රී වික්රමාලාංකාරය සහ නරේන්ද්‍රසිංහ වර්ණනාව.
- නෘත්‍ය රත්නාකරය සහ නෙර්තමාලය.
- සිංහල නර්තන කලාව සහ සිංහල ගැමි නාටකය.
- මෑත කාලීනව නිර්මාණය වූ නවතම වන්නම් ඇතුළත් වර්ණය තෝරන්න.
- හනුමා වන්නම , කදම්භ පක්ෂි වන්නම , සමනල වන්නම.
- සිංහරාජ වන්නම , මහ බෝ වන්නම , මුසලධි වන්නම.
- මරඟන වන්නම , සමනල වන්නම , මහ බෝ වන්නම.
- හංස වන්නම , සැවුලා වන්නම , වෛරොඩි වන්නම.
- පහතරට සින්දු වන්නම් රචනා වූයේ ,
- මහනුවර හා කොළඹ යුගයන් අතර කාලයේ දී.
- දඹදෙණි හා කෝට්ටේ යුගයන් අතර කාලයේ දී .
- අනුරාධපුර හා පොළොන්නරු යුගයන් අතර කාලයේ දී.
- කොළඹ යුගය සහ නූතනය අතර කාලයේ දී.
- පහතරට සින්දු වන්නම් පිළිබදව “දහඅට වන්නම්“ කෘතිය රචනා කරන ලද්දේ ,
- මුදියන්සේ දිසානායක මහතාය.
- කිරිවැල්ලේ ඥානවිමල මහතාය.
- එදිරිවීර සරත්චන්ද්‍ර මහතාය.
- සී.ද.එස්.කුලතිලක මහතාය.
- පහතරට සින්දු වන්නම් රචනා වූයේ ,
- විනෝදාස්වාදය සදහාය.
- සෙත් ශාන්තිය පතාය.
- ගායනය සදහාය.
- නර්තනය සදහාය.
- සබරගමු වන්නම් පිළිබඳව ලිඛිත සාධකයක් නොවන්නේ ,
- ධර්මාලංකාර අතපත්තු මුදලි පුස්කොළ පොතක් ඇසුරෙන් කරන ලද සංස්කරණයයි.
- මහවල තැන්න බණ්ඩාර මහතාගේ දේශණයක් අනුව සඟරාවට ලියන ලද ලිපියයි.
- නෘත්‍ය විනෝදයන් හා සබරලමු නාට්‍ය කලාව ග්‍රන්ත.
- ශාන්ති කර්ම හා සිංහල සමාජය කෘතිය.
- සබරගමු වන්නම් රචනා වූයේ ,
- පූජාර්ථය සඳහාය.
- විනෝදාස්වාදය සදහාය.
- ගායනය සඳහාය.
- නර්තනය සඳහාය.
- සබරගමු වන්නමක කොටස් ඇතුළත් වර්ණය ,
- බෙර පදය , තානම , වන්නම , කවිය , කස්තිරම , සීරුමාරුව , අඩව්ව
- බෙර පදය , තානම , කවිය , ඉබරට්ටිය
- දිවුල් පදය , තානම , කවිය , කලාසම , අඩව්ව
- දිවුල් පදය , තානම , කවිය , කස්තීරම , සීරුමාරුව
- සබරගමු වන්නම් රචනා වී ඇත්තේ ,
- කවිකාර මඩුවේ ගායනා සඳහාය.
- දෙව්න්දර උපුල්වන් දේවාලයේ විශ්ණූ දෙවියන්ට පුද පූජා පිණිස.
- සමන් දේවාලයේ ප්රභූන්ගේ විනෝදාස්වාදය පිණිස.
- බුදුන්ට , දෙවියන්ට භක්තිය ප්‍රකාශ කිරීම සඳහා.
- කෝලම් නාටක ප්‍රචලිත ප්‍රදේශ වන්නේ ,
- අම්බලන්ගොඩ , මාතර , හොරණ ,බෙන්තර
- බදුල්ල , කළුන්දෑව , මොණරාගල , ඇල්පිටිය
- මිරිස්ස , කළුතර , බෙන්තර , රත්නපුර
- ගම්පහ , කොළඹ , මාතර , බෙන්තර
- කෝලම් කතා පුවතට අනුව ,
- සොකරි ආඬිගුරු සමඟ විවාහ විය.
- මහා සම්මත නම් රජුගේ බිසවට දඬුරුව නැටුම් දැකීමට ආශාවක් ඇති විය.
- විෂ ගුලි 18 කින් යක්ෂයින් 18 දෙනෙකු මවන ලදී.
- නොන්චි අක්කා අණබෙරකරු සොයා යයි.
- කෝලම් රඟ මඩල හදුන්වන නම වන්නේ ,
- නමන
- වේදිකාව
- තානායම්පොළ
- මිදුල
- කෝලම් නාටකයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ,
- වෙස් මුහුණු පැළද නැටීම.
- ගායනා සහිත වීම.
- නර්තන හා සංවාද ඇතුළත් වීම.
- චරිත රැසක් රංගනය කිරීම.
- කෝලම් නාටකයේ චරිත ප්‍රධාන වශයෙන් වෙන් කෙරෙන කොටස් 03 කි.එනම් ,
- මානුෂ චරිත , අධි මානුෂ චරිත , සත්ත්ව චරිත
- නාග රාක්ෂ , ගුරුළු රාක්ෂ , මරු රාක්ෂ
- සිංහ , නරසිංහ අවතාර , පූර්ණක රාක්ෂ
- ජසයා , ලෙංචිනා , මුදලි
- කෝලම් නාටකය ආරම්භ කරනු ලබන්නේ ,
- අත්‍යා බෙර වාදනයෙනි.
- හේවිසි වාදනයෙනි.
- මඟුල් බෙර වාදනයෙනි.
- හොරණෑ වාදනයෙනි.
- ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැමි නාටක හතර වන්නේ ,
- සොකරි , නූර්ති , නාඩගම් , කෝලාට්ටම්
- රූකඩ , චෙම්බු , නාඩගම් , කෝලම්
- සොකරි , කෝලම් , නාඩගම් , රූකඩ
- සුලකු , කෝලම් , නාඩගම් , රූකඩ
- කෝලම් නාටක තුල ,
- අනංඝාතාත්මක ගායනා පමණක් ගායනා කරයි.
- ආඝාතාත්මක ගායනා පමණක් ගායනා කරයි.
- ආඝාතාත්මක සහ අනාඝාතාත්මක කවි ගායනා කරයි.
- මෙම කිසිවක් නොවේ.
No comments:
Post a Comment