ගිණුම්කරණය
සැකසුම : ඒ. ටි.පුෂ්පකුමාරි
Speed Test
කාලය : විනාඩි 20 යි.
***භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
- ගිණුම්කරණයේ මූලික අරමුණ වඩාත් හොඳින් පැහැදිලි වනුයේ ,
- ව්‍යාපාරයෙ මූල්‍යමය ස්වරූපයක් ගන්නා තොරතුරු රැස් කිරීම .
- ව්‍යාපාරයේ තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස පිළියෙල කිරීම .
- ව්‍යාපාරය සාරාංශගත තොරතුරු විශ්ලේෂණය කිරීම හා අර්ථකථනය කිරීම.
- ව්‍යාපාරයේ මූල්‍ය ස්වරූපයක් ගන්නා තොරතුරු සන්නිවේදනය කිරීම.
- ව්‍යාපාරය පිළිබඳ ඇල්මැති පාර්ශවයන් ට තීරණ ගැනීම සඳහා ව්‍යාපාරය මූල්‍යමය ස්වරූපයක් ගන්නා තොරතුරු සන්නිවේදනය කිරිම.
- මූල්‍ය වාර්තාකරණයේ සංකල්ප රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමයක් නො වන්නේ පහත ඒවායින් කුමක්ද ?
- ඓතිහාසික පිරිවැය.
- උපලබ්දි අගය.
- සාධාරණ අගය.
- ප්රයෝජ්ය අගය.
- ප්‍රවර්තන පිරිවැය .
- විකුණුම්, ආපසු එවුම් ,කලින් ලද ගොඩනැගිලි, කුලී බැංකුවේ ඇති මුදල් යන්න එක් එක් ගිණුම් පිළිවෙලින් වර්ග කළ හැක්කේ,
- ආදායම් ,ආදායම්, වගකීම්, වත්කම් .
- ආදායම් ,ආදායම් ,වත්කම් ,වගකීම් .
- ආදායම්, වත්කම්, වගකීම් ,වත්කම් .
- ආදායම් ,වත්කම් ,වගකීම්, වගකීම් .
- වත්කම්, ආදායම් ,ආදායම් ,වගකීම් .
- • අංක 4 හා 5 ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දීමේ දී ධනුෂ්කගේ ව්‍යාපාරයේ පහත තොරතුරු ප්‍රයෝජනයට ගන්න. 2020 ජනවාරි 1 ධනුෂ්ක රොෂාන්ට රුපියල් 35000ක් වූ භාණ්ඩ ණයට විකුණු අතර 2020 ජනවාරි 2 දින නුවන්ගෙන්රූ .40000 භාණ්ඩ භාණ්ඩ ණයට ගන්නා ලදී .2020 .1.4 දින රොෂාන්ගෙන් ධනුෂ්කට රුපියල් 25,000 ක මුදලක් ලැබුණු අතර 2020 ජනවාරි 5 නුවන්ට රු. 5000 භාණ්ඩ ධනුෂ්ක ආපසු හරවා යවන ලදී . රුපියල් 30,000 මුදලක් නුවන්ට 2020 ජනවාරි 18 ගෙවන ලදී .
4. 2020 ජනවාරි 1 දින සිට 2020 ජනවාරි 18 දින දක්වා පිළිවෙලින් ඉහත ගනුදෙනු වලින් බිහිවන මූලික ලියවිලි වන්නේ ,- විකුණුම් ඉන්වොයිසිය ,ගැනුම් ඉන්වොයිසිය, ලදු පත, හර පත ,බැරපත .
- විකුණුම් ඉන්වොයිසිය, ගැනුම් ඉන්වොයිසිය, හරපත ,ලදු පත ,වව්චරය.
- විකුණුම් ඉන්වොයිසිය, ගැනුම් ඉන්වොයිසිය, ලදුපත ,හරපත ,වවුචරය.
- විකුණුම් ඉන්වොයිසිය ,ගැනුම් ඉන්වොයිසිය, ලදු පත ,බැරපත ,වව්චරය .
- විකුණුම් ඉන්වොයිසිය, ගැනුම් ඉන්වොයිසිය, බැරපත ,ලදුපත, වවුචරය ,
- 2020 ජනවාරි 1 දින සිට 2020 ජනවාරි 18 දින දක්වා සිදුවූ ගනුදෙනු වලින් පිළිවෙලින් බිහිවන මූලික පොත් වන්නේ ,
- විකුනුම් ජ නලය, ගැනුම් ජනලය ,පොදු ජ නලය ,පොදු ජනලය ,ආපසු යැවුම් පොත .
- විකුණුම් ජනලය ,ගැනුම් ජනලය, මුදල් පොත ,පොදු ජනලය, මුදල් පොත .
- විකුණුම් ජනලය, ගැනුම් ජනලය ,මුදල් පොත ,ආපසු යැවුම් පොත ,මුදල් පොත.
- විකුණුම් ජනලය, ගැනුම් ජනලය, මුදල් පොත, ආපසු යැවුම් පොත ,පොදු ජනලය.
- විකුනුම් ජ නලය, ගැනුම් ජනලය ,මුදල් පොත, ආපසු එවුම් පොත, මුදල් පොත.
- ව්‍යාපාරයක මූල්‍ය ප්රකාශනවල ගෙවිය යුතු වියදම් ,ඉදිරියට ගෙවූ වියදම් ,ලැබිය යුතු ආදායම්, කලින් ලද ආදායම් හඳුනා ගැනීමට පදනම් වනුයේ පහත කුමන ගිණුම්කරණ සංකල්පය ද ?
- ගැළපුම් සංකල්පය
- අඛණ්ඩ පැවැත්ම සංකල්පය
- ප්‍රමාණාත්මක බව සංකල්පය
- උපචිත සංකල්පය
- විචක්ෂණ සංකල්පය
- අමල් ගේ ව්‍යාපාරය 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයට පහත තොරතුරු ඔබට ඉදිරිපත් කර ඇත .
*2019 ජනවාරි 1 වත්කම රු.25000.
*2019 ජනවාරි 1 වගකීම් රු.18000
*2019 දෙසැම්බර් 31 වත්කම් රු.30000
*2019 දෙසැම්බර් 31 වගකීම් රු.10000යි .
*කාලඡේදයේ ගැනිලි රු.7000යි .
අමල් කාලච්ඡේදය තුළ රුපියල් 10000 ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදුවේ නම් කාලච්ඡේදය ලාභය වන්නේ,- 12000 යි .
- 50000 යි .
- 7000 යි.
- 9000 යි.
- 10000 යි .
- රුපියල් 10000ක බොල් ණය අඩු කළ පසු වෙළඳ ලැබිය යුතු දෑ අගයෙන් අඩමාණ ණය 3% වෙන්කරීමක් අඩුකළ පසු අගය රුපියල් 21340 නම් බොල් ණය හා අඩමාන ණය වෙන්කිරීම් අඩු කිරීමට පෙර වෙළඳ ලැබිය යුතු දෑ අගය වන්නේ,
- 31000කි .
- 320000 කි.
- 30,000 කි .
- 33000 කි.
- 29000 කි.
- මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අනුවපහත දක්නට ලැබෙන ලක්ෂණයන් ගෙන් වගකීමක දක්නට ලැබෙන ලක්ෂණයන් මොනවාද ?
වගකීම හා සම්බන්ධ ආයතනයට වර්තමාන බැඳීමක් පැවතීම
A .එහි වටිනාකම හෝ බේරුම් කළ හැකි අගය විශ්වාසනීය ලෙස මැනිය හැකි වීම
B .එය පිය වීමේදී අනාගත ආර්ථික ප්රතිලාභ ගෙන දෙන්නාවූ සම්පත් C. ව්‍යාපාරයෙන් පිටතට ගලා යෑමේ භව්‍යතාවයක් පැවතීම.- A පමණි.
- A හා C පමණි.
- C පමණි.
- A හා b පමණි.
- A b හා c යන සියල්ල ම වේ.
- ප්‍රදීප්ගේ ව්‍යාපාරයේ රුපියල් 5700 ක ගැනිලි ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ වැරදීමකින් බැරට රුපියල් 75000 සටහන් වීම නිසා හට ගන්නා අවිනිශ්චිත ගිණුම වටිනාකම වන්නේ ,
- බැරට රුපියල් 80700 කි
- හර ට රුපියල් 75,000 කි
- හරට රුපියල් 5700 කි
- හරට රුපියල් 80700 කි
- බැරට රුපියල් 75,000 කි
No comments:
Post a Comment