පහත සඳහන් ඒවා අතරින් අජීවි ද්‍රව්‍යයක් වනුයේ
- හරිත ශාක
- පාසි
- ඇමීබා
- ජලය
පියවි ඇසට නොපෙනෙන ද්‍රව්‍ය නිරීක්ෂණයට යොදා ගන්නා උපකරණයකි
- දුරේක්ෂය
- දෙනෙතිය
- අත් කාචය
- සංයුක්ත ආලෝක අන්වීක්ෂය
ස්වයං පෝෂීන් යනු
- තමාට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්නා ජීවියෙකි
- ශාක මත කෙළින්ම යැපෙන ජීවියෙකි
- ශාක මත වක්‍රව යැපෙන ජීවියෙකි
- හතු වැනි දිරායන ද්‍රව්‍ය මත වැඩෙන ජීවියෙකි
පහත සඳහන් ජීවීන් අතුරින් ඔත් ජීවියෙක් වන්නේ
- ක්ලැමිඩොමොනාස්
- මුහුදු අශ්වයා
- සලබයා
- මහුදු මල
ශාක චලන වලට නිදසුනක් නොවන්නේ
- නිදිකුම්බා කොලවල හැකිලීම
- රාත්‍රී කාලයේදී කතුරු මුරුංගා කොල හැකිලීම
- ක්ලැමිඩොමොනාස් ශාකය ජලයේ පිහිටීම
- සුළඟින් ශාක පත්‍ර සෙලවීම
ප්රභාසංස්ලේෂයට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ
- වාතයෙනි
- පසෙනි
- ජලයෙනි
- ආලෝකයෙනි
පහත ඒවා අතුරින් කුමන වායුව මගින් හුණු දියර කිරි පැහැයට හරවයිද?
- හයිඩ්රජන්
- ඔක්සිජන්
- කාබන්ඩයොක්සයිඞ්
- මීතේන්
පත්‍රය පත්‍රිකා ලෙස බෙදී ඇති ශාකයකි
- අක්කපාන
- සියඹලා
- බෝ
- දෙල්
සංවරණ උපාංගයකි
- පාද
- පේශි
- ස්නායු
- මුල්
ශාක වලට මෙන්ම සතුන්ට ද පොදු ලක්ෂණයකි.
- ආහාර නිපදවීම
- සංචරණය
- ප්‍රජනනය
- හරිතප්රද තිබීම
ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයක් නොවන්නේ
- දිලීර
- ඇල්ගී
- වෛරස
- හරිත ශාක
ශාක ජිවත් වන පරිසරය අනුව දක්වන විවිධත්වයට උදාහරණයක් නොවේ.
- කඩොලාන ශාක කලපු ආසන්නයේ ජීවත් වීම.
- උඩවැඩියා වල වායව මුල් තිබීම.
- බෝංචිවල දෙපියල් බීජ තිබීම.
- කොස් ශාකයේ ශක්තිමත් කඳක් තිබීම.
ශුෂ්ක ශාකයකි.
- පේර
- දෙහි
- පතොක්
- කඩොල්
වෙරළබඩ පරිසරයේ දැකිය හැකි ශාකයකි.
- දිය මානෙල්
- මහ රාවනා රැවුල
- ගොඩපර
- මහෝගනී
වර්ධනය පිළිබඳ නිවැරදි වන්නේ,
a. වර්ධනය ජීව ලක්ෂණයකි.
b. ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනයයි.
c. පරිසරයේ ඇති සියලූ ද්‍රව්‍ය වර්ධනය වේ.
ඉහත ඒවායින් නිවැරදි වන්නේ,
- a පමණි
- b පමණි
- a හා b පමණි
- b හා c පමණි
No comments:
Post a Comment