ඉතිහාසය
සැකසුම : පුෂ්ප කුමාර රාජපක්ෂ
10 ශ්‍රේණිය
වේග පරීක්ෂණ -2
කාලය : විනාඩි 20 යි.
**භාවිතයට උපදෙස්***
මෙය මාර්ගගත(online) බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
මෙය මාර්ගගත(online) බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
- ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන දැනුම භාවිත කළ යුතු ආකාරය වඩාත් නිවැරදිව දැක්වෙන ප්‍රකාශය මින් කුමක්ද?
- අතීතය තුළින් වර්ථමානය තේරුම් ගෙන අනාගතය ගොඩනැගීම සදහා ය.
- අතීතයේ කළ වැරදි නැවත සිදු නොවීමට වග බලා ගැනීම සදහා ය.
- අතීතයේ ලත් ජයග්‍රහණ තව දුරටත් පවත්වා ගැනීම සදහා ය.
- අතීත ශ්‍රී විභුතිය පිළිබද අභිමානයක් ඇති කර ගැනීම සදහා ය.
- ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනක අඛණ්ඩ ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රයක් ලෙස මහවංශයෙහි වැදගත්කම වඩාත් නිවැරදිව දැක්වෙන ප්‍රකාශය කුමක්ද?
- ලිඛිත මුලාශ්‍රයක් ලෙස මහවංශයේ එන සියලු තොරතුරු නිවැරදි සේ සැළකිය හැකිය.
- පැරණි රජවරුන් පිළිබද තොරතුරු පමණක් නිවැරදිව දැක්වෙන මූලාශ්‍රය ග්‍රන්තයක් ලෙස මහවංශය වැදගත් වේ.
- මහවංසයේ එන බොහෝ තොරතුරු අනෙකුත් මූලාශ්‍රවලින් තහවුරු වන හේයින් ලිඛිත ඓතිහාසික මූලාශ්‍රය ග්රන්ථයක් ලෙස වැදගත් වේ.
- මහනාම නම් තෙරුන් වහන්සේ නමක විසින් රචිත හේයින් ආගමික ඉතිහාසය පිළිබද තොරතුරු පමණක් නිවැරදිව දැක්වෙන මූලාශ්‍රයක් ලෙස වැදගත් වේ.
- ඉතිහාසය එක් විෂයක් නොව විෂයන් සියල්ල අන්තර්ගත ගෘහය ලෙස ප්‍රකාශ කර ඇති ඉතිහාසඥයා වන්නේ.
- ජී.එම් ට්රෙවිලියම් ය.
- ඊ එච් කාර්
- එච් ජී වේල්ස් ය.
- ටී එස් එලියට් ය.
- ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගය පිළිබද තොරතුරු හෙළි කර ගත හැකි මූලාශ්‍රය මින් කවරෙක්ද?
- සෙල් ලිපි
- මහාවංශය
- ගල් මෙවලම්
- ගොඩනැගිලිවල නටඹුන්
- 15 වන සියවස ආරම්භයේදි පමණ යාපනය ප්‍රෙද්ශය විජය නගර අධිරාජ්‍යයට යටත්ව පැවති බවට තොරතුරු සදහන් වන මූලාශ්‍රය මින් කවරක්ද?
- පනාකඩුව තඹ සන්නස
- ආලම්පුණ්ඩි තඹ සන්නස
- වල්ලිපුරම් තඹ සන්නස
- සෙගරාජ සේගරමාලෙයි
- පළමුවැනි පරාක්‍රමබාහු හා දෙවැනි ගජබාහු අතර ඇතිකරගත් ඓතිහාසික සමගි සම්මුතිය දැක්වෙනුයේ
- සංගමු විහාර සෙල්ලිපියේ ය.
- ගල්පොත ශිලා ලිපියේ ය.
- දෙවනගල සෙල් ලිපියේ ය.
- හැබැස්ස
- මහානාම හිමියන් විසින් රචනා කරන ලදැයි සැලකෙන ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබද සවිස්තර තොරතුරු අඩංගු වංශකතාව කුමක්ද?
- දීපවංශය
- මහාවංශය
- දාඨාවංශය
- බෝධිවංශය
- ශ්‍රී ලංකාව ගැන තොරතුරු සැපයු විදේශ ලේඛකයන් කීපදෙනෙකු A තීරුවේද ඔවුන් අයත් වු රටවල් B තීරැවේද දැක්වේ.A B තීරු දෙක ගැලපු විට නිවැරදි පිළිතුර වන්නේ මින් කුමක්ද?
A B i ඉබන් බතුතා A. අරාබිය ii ෆාහියන් B.ඉන්දියාව iii කෞටිල්‍ය C.බුරුමය D.චිනය - A D හා B
- C D හා A
- A C හා B
- D A හා B
- අනුරාධපුර යුගයේ ආරාම පාලනය පිළිබද තොරතුරු ඇතුළත් වන්නේ මින් කවරකද?
- බදුලු ටැම් ලිපිය
- සිතුල්පව්ව සෙල් ලිපිය
- මිහින්තලා පුවරු ලිපිය
- ගොඩවාය ටැම් ලිපිය
- කිත්සිරිමෙවන් රජුගේ යැයි සැලකෙන තෝනිගල ශිලා ලිපියේ අතීත කෘෂිකර්මය ගැන තොරතුරු ඇතුළත් වේ.මෙහි පිටදඩහස අකලහස මදෙහස යනුවෙන් සදහන්ව ඇත්තේ කවරක් විය හැකිද?
- ජල සම්පාදනය පිළිබද බදු වර්ග තුනකි.
- කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය නිළධරයන් තිදෙනෙකි.
- වගා කළ ධාන්‍යවලින් අය කළ බදු වර්ග තුනකි.
- වී වගාවට සම්බන්ධ වගා කන්න තුනකි.
- වර්තමානය තේරැම් ගැනීමට යතුර වශයෙන් අතීතය තේරුම් ගත යුතුය.මෙය කවරෙකුගේ ප්‍රකාශයක්ද?
- ජී එම් ට්රෙවිලියම්
- ශ්‍රී ජවහාලාල් නේරු
- ඊ එච් කාර්
- ඇරිස්ටෝටල්
- අතීත ශ්‍රී ලංකාව පිළිබදව වඩාත් නිවැරදි තොරතුරු දැක්වීමට හැකි වු විදේශිකයා ලෙස සැලකිය හැක්කේ කවරෙක්ද?
- මෙගස්තනීස්
- ප්ලීනි
- ඉබන් බතුතා
- ක්ලොඩියස් ටොලමි
- ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදි ඓතිහාසික මූලාශ්‍රය ලෙස සෙල්ලිපිවලට වැදගත් ස්ථානයක් හිමි වේ.ඉහත ප්‍රකාශය හා නොගැලපෙන වගන්තිය මින් කුමක්ද?
- සෙල්ලිපි මගින් ශ්‍රී ලංකාවේ අඛණඩ දේශපාලන ඉතිහාසය ගොඩනගා ගත හැකි වේ.
- සාහිත්‍ය මුලාශ්රවල සදහන් කරුණු සෙල්ලිපි මගින් තහවුරු වේ.
- සෙල්ලිපිවල අන්තර් ගත කරුණු අදාළ සිද්ධීන්ට සමකාලීන වේ.
- ශ්‍රී ලංකාවේ පැවති වෙළද හා අධිකරණ කටයුතු පිළිබද තොරතුරු සෙල්ලිපි මගින් හෙළි වේ.
- සෙල්ලිපිවල අන්තර් ගත කරුණු අදාළ සිද්ධීන්ට සමකාලීන වේ.
- ශ්‍රී ලංකාවේ පැවති වෙළද හා අධිකරණ කටයුතු පිළිබද තොරතුරු සෙල්ලිපි මගින් හෙළි වේ.
- දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් පිළිබද ඇතැම් තොරතුරු අඩංගු ශිලා ලිපි හමු වු ස්ථාන දෙකක් සදහන් වන පිළිතුර මින් කුමක්ද?
- ගඩලාදෙණිය මිහින්තලය
- සිතුල්පව්ව සංඛපාල විහාරය
- තෝනිගල වෙස්සගිරිය
- රිටිගල ගොඩවාය
- විවිධ බාහිර බලපෑම්වලට ලක් වුවද ශ්‍රී ලංකාවට ආවේණික වු සමාජ සංස්කෘතික රටාවක් බිහිවීම කෙරෙහි බලපෑ සාධකය වන්නේ
- දුපතක් ලෙස පිහිටීමය
- ඉන්දියාවට ආසන්නව පිහිටීමය
- ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීමය.
- පෙර අපර දෙදිග නාවුක මාර්ගයේ පිහිටීමය
- කුරුවිට බටදොඹවෙල බුලත්සිංහල ෆාහියන්ගල ලෙන කිතුල්ගල බෙලි ලෙන යන ස්ථාන ලංකා ඉතිහාසය ගොඩනැංවීමේදි වැදගත්වනුයේ ඒවා
- අනුරාධපුර යුගයේ ආරක්ෂිත ස්ථාන ලෙස භාවිත වීම නිසාය.
- බ්‍රාහ්මි අක්ෂර සහිත සෙල්ලිපි හමු වු ස්ථාන නිසාය
- ප්රාග් ඓතිහාසික මානවයා පිළිබදව තොරතුරු ලැබෙන නිසාය
- පැරණි සංඝාවාස පිළිබද තොරතුරු ලැබෙන නිසාය
- ශ්‍රී ලංකාවට පැමිණි ආර්යයන් ජනාවාසකරණය සදහා යොදා ගත් කප්පර කන්ද නදි ගාල්හ නදි ගෝණ නදි යන ගංගාවල නූතන නම් පිළිවෙළින් දැක්වෙනුයේ කවර පිළිතුරෙහිද?
- කලා ඔය.ගල් ඔය.යාංඔය
- මී ඔය.දැදුරු ඔය . කලා ඔය
- කලා ඔය. ගල් ඔය. මැණික් ගග
- මැණික් ගග.ගල් ඔය.කලා ඔය
- ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාර සමයේ ජනාවාසවල ව්‍යාප්තිය පිළිබදව දැන ගැනීමට ඇති හොදම සාක්ෂිය ලෙස දැක්විය හැක්කේ
- පැරණි රාජධානිවල අගනුවරවල පිහිටීමයි
- වැව් හා ඇළ මාර්ගවල ව්‍යාප්තියයි
- මහාවංශයෙහි සදහන් ඓතිහාසික තොරතුරුයි
- ශ්‍රී ලංකාවේ පැරණි මාර්ගවල විහිදීමයි
- වර්තමානය තේරුම් ගැනීමට යතුර වශයෙන් අතීතය තේරුම් ගත යුතුය. යන ප්‍රකාශය කරන ලද්දේ
- ශ්‍රී ජවහාලාල් නේරුය
- ඊ එච් කාර් ය
- ජී එම් ට්රෙවිලියන්ය
- ටී එස් එලියස් ය
- ලක්දිව පැරණිතම වංශ කතාව ලෙස සැලකෙනුයේ
- මහාවංශය
- ථූපවංශය
- දීපවංශය
- බෝධිවංශය
No comments:
Post a Comment