බහු වචන නාම පදයක් නො වන පදය තෝරන්න.
- පඳුරු
- කුරුල්ලෝ
- මිනිස්සු
- මිනිසා
ඒක වචන නාම පදයක් නො වන පදය තෝරන්න .
- ගුරුතුමිය
- කම්කරුවා
- ශිෂ්‍යයා
- තරු
'වඳුරා' යන ඒක වචන නාම පදයේ බහු වචන උක්ත පදය වන්නේ,
- වඳුරෝ
- වඳුරන්
- වඳුරෙක්
- වඳුරෙකු
'කුරුල්ලෝ ' යන බහුවචන උක්ත නාම පදයේ ඒකවචන නාම පදය වන්නේ,
- කුරුල්ලා
- කුරුල්ලන්
- කුරුල්ලකු
- කිරිල්ලියක්
'ගස්' යන අප්‍රාණවාචී බහු වචන නාම පදය ඒකවචන බවට පත් කළ විට නිවැරදිම වරනය වන්නේ,
- ගසක
- ගස්හු
- ගස්
- ගස
උත්තම පුරුෂ ඒකවචන උක්ත පදය වන්නේ,
- අපි
- අප
- මා
- මම
මධ්‍යම පුරුෂ ඒක වචන උක්ත නාම පදය වන්නේ ,
- ඔහු
- ඇය
- ඇය
- තෝ
මධ්‍යම පුරුෂ බහුවචන උක්ත නාම පදයක් වන්නේ ,
- ඔහු
- ඔවුහු
- අපි
- නුඹලා
ප්‍රථම පුරුෂ ඒකවචන උක්ත නාම පදය වන්නේ ,
- මම
- තෝ
- ඇය
- ඔවුහු
නුඹලා ඉගෙනීම් කටයුතු ...................
ඉහත වාක්‍යයට සුදුසු නිවැරදි ආඛ්‍යාත පදය වන්නේ ,
- සිදුකරති
- සිදුකරන්නහි
- සිදු කරන්නාහ
- සිදු කරන්නෙහු.
බහු වචන උක්ත නාම පදයක් වන්නේ ,
- ඔවුන්
- අප
- මිනිසුන්
- දරුවෝ
බහු වචන උක්ත නාම පදයක් වන්නේ ,
- ගුරුවරු
- නිලධාරීහු
- ගුරුවරුන්
- ගංගාවෝ
වෛද්‍යවරු ................... සුවපත් කරති.
ඉහත වාක්යයෙ හිස්තැනට යෙදිය යුතු නිවැරදි පිළිතුර වන්නේ,
- රෝගීහු
- රෝගීන්
- රෝගියෝ
- රෝගියෙක්
පහත නාම පද අතරින් නපුංසක ලිංග නාම පදයක් වන්නේ ,
- ගිරවා
- සේවිකාව
- කොටියා
- පොත
'මාළුවා'යන පුරුෂ ලිංග නාම පදයේ ස්ත්‍රී ලිංග පදය වන්නේ ,
- කෙනෙර
- මාළුවී
- මැස්සි
- මැසින්න
'අලියා' යන්න පුරුෂ ලිංග නාම පදයකි. එහි ස්ත්‍රී ලිංග නාම පදය වන්නේ,
- වෙළඹ
- කෙනෙර
- අලි දෙන
- ඇතින්න
පහත නාම පද අතරින් ස්ත්‍රී ලිංග නාම පදයක් නොවන පදය තෝරන්න .
- ඒලිච්චි
- සෙබඩ
- හංස දේනුව
- කවුඩු
නපුංසක ලිංග නාම පදයක් නොවන්නේ මින් කුමක්ද ?
- නිවස
- පෑන
- මහිලාව
- ඔන්චිල්ලාව
ඇය ගීතයක් ..................
ඉහත වාක්‍යයේ හිස්තැනට සුදුසු ආඛ්‍යාත පදය වන්නේ ,
- ගැයුවේ ය.
- ගැයූවෝ ය.
- ගැයූහ.
- ගැයුවා ය.
තාරකාවෝ අහසේ .................
ඉහත වාක්‍යයේ හිස්තැනට යෙදිය යුතු නිවැරදි ආඛ්‍යාත පදය වන්නේ,
- බබළති.
- බබළන්නේ ය.
- බැබළු වේය.
- බබළයි.
No comments:
Post a Comment