උඩරට නැටුම් වැඩි වශයෙන් පවත්නා ලංකාවේ ඉතා ඉපැරණි පෙරහැර නම්,
- මහනුවර පෙරහැර
- සමන් දේවාල පෙරහැර
- දෙවුන්දර පෙරහැර
- වේල් පෙරහැර
බෙරයකි නිපදවිය හැකි ධ්වනි ගණන,
- හතරකි
- එකකි
- තුනකි
- දෙකකි
වරපට පාවිච්චි නොකරන බෙර වර්ගය නම්,
- දඬු බෙරය
- ගැට බෙරය
- රුහුණු බෙරය
- පොකුරු බෙරය
ගැට බෙරය ට අයත් කොටස් වනුයේ,
- කැපුම් හම, වෙනිවර, සුරත් තට්ටුව
- කැපුම් හම, කඩිප්පුව, වරපට
- කැපුම් හම, බෙරවිඩ, සුරත් තට්ටුව
- කැපුම් හම, කඩිප්පුව, සුරත් තට්ටුව
කොහොඹා කංකාරියෙහි එන ගායනය රහිත නර්තන අංග වන්නේ,
- ආවැන්දුම හා යක් ඇණවුුම
- ආවැන්දුම හා යක්කම
- සුලු පදය හා අස්නය
- යක් ඇණවුුම හා ගුරුගේ මාලය
"ඉසුරු දෙවිඳු වඩින දිනා …........" මෙම පදයේ ඉතිරි කොටස වනුයේ,
- කෙහෙතු විමන දැක නෙතින
- මට උරනා නොම මෙදිනා
- කවිය නැතුව බොරු වරුණා
- ගය දැනෙයි කල රචනා
සතර අභිනය ලෙස සලකනු ලබන්නේ,
- ආංගික, වාචික, සාත්වික, ආහාර්ය
- ආංගික, වාචික, සාත්වික, අංග රචනය
- අංග රචනය, වාචික, සාත්වික, අංග චලන
- ආංගික, වාදික, ආහාර්ය, අංග චලන
"තා තෙයි තා තෙයියත් තාම් " මෙය,
- හත්වන පා සරඹ යයි
- හතරවන පා සරඹ යයි
- තුන් වන පා සරඹ යයි
- හයවන පා සරඹ යයි
අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජු ඉදිරියේ දෙව්මිනිසුන් නැටුම් පැවැත් වූ බව සඳහන් වන්නේ,
- මහාවංශයේ
- දීපවංශයේ
- චූලවංශයේ
- සමන්තපාසාදිකා වේය
පොලොන්නරුවේ අංක 2 දරන ශිව දේවාලයෙන් දැකගත හැක්කේ,
- ලෝකඩ නටරාජා රුවකි
- නළගන රුවකි
- නලා වාදක රුවකි
- බෙර කරුවෙකුගේ රුවකි
පත්තිනි දේවිය මුල් කරගෙන පවත්වනු ලබන ශාන්ති කර්මයකි.
- දෙවොල් මඩුව
- කොහොඹා කංකාරිය
- රට යකුම
- වලියක් මංගල්‍යය
කලවාන, පැල්මඩුල්ල, බලංගොඩ ආදී ප්‍රදේශවල ප්‍රචලිත නර්තන සම්ප්රදාය වන්නේ,
- සබරගමු නර්තන සම්ප්රදාය
- උඩරට නර්තන සම්ප්රදාය
- පහතරට නර්තන සම්ප්රදාය
- ද්‍රවිඩ නර්තන සම්ප්රදාය
කෝලම් නාටක ඉදිරිපත් කරන රඟමඬල ............ නමින් හඳුන්වයි.
- තානායම්පල
- කමත
- වෙස් අත්ත
- වේදිකාව
"භරත නාට්‍යම් " ඉගැන්වීම සඳහා භාරතයේ සුප්‍රසිද්ධ ආයතනයකි.
- අඩියාර් කලා ක්ෂේත්රය
- ලක්නව් භාත්ඛණ්ඩ විද්‍යාපීඨය
- කල්කා ශාන්ති නිකේතනය
- කේරළ කලා මණ්ඩපය
දෙතිතට අයත් වන්නම් දෙකකි.
- තුරගා හා සැවුලා
- කිරලා හා මයුරා
- වෛරෝඩි සහ තුරගා
- සිංහරාජ හානුමා
දොං ජිංත ගත දොංත යන බෙර බෙරපදය ප්‍රස්තාර කළ හැක්කේ,
- මාත්‍රා 2+3 දෙතිතට
- මාත්‍රා 3 තනි තිතට
- මාත්‍රා හතර තනි තිතට
- මාත්‍රා 2+4 දෙතිතට
කොහොඹා කංකාරයේ අන්තර්ගත නාට්‍යමය පෙලපාලි වේ.
- ගුරුගේ මාලාව, යක්කම්, ගබඩා කොල්ලය
- ගුරුගේ මාලාව, යක්කම් හා ඌරු දානය
- යක් ඇනුම, දුනුමාලප්පුව, හත් පදය
- අස්න, යක්කම්, යක්තුන් පදය
4 සහ 5 ගොඩසරඹ හඳුන්වන්නේ.
- සිව් අඩිය ඇල සරඹ ය
- ඇල සරඹය දෑල සරඹය
- සිව් අඩිය දෑල සරඹය
- ඇල සරඹ ය නුහුරු අඩිය
සිංහරාජ වන්නම නටනු ලබන්නේ
- මහ තනි තිතට ය
- සුලු තනි තිතට ය
- මැදුම් තනි තිත ටය
- සුළු මැදුම් දෙතිතට ය
ගැටබෙරයෙ හි ඇස ආරක්ෂාවට, ශක්තියට දමන්නේ,
- සුරත් තට්ටුව
- වර පට
- කන් වරය
- කැපුම් හම
No comments:
Post a Comment