නර්තනය
සැකසුම : ඩබ්.ඒ.පේමසීලි පේරේරා
11 ශ්‍රේණිය
කාලය විනාඩි : 20 යි.
- ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳි වෘත්තියෙන් සම්බන්ධව නිර්මාණය වී ඇති ගැමි නැටුම් වේ,
- මෝල්ගස්, ගොයම්, කුළු
- මෝල්ගස්, ලී කෙළි, කුළු
- කුළු, කළ, සවරං
- පතුරු, කුළු, මෝල් ගස්
- දේශීය නර්තන සම්ප්‍රදායන්ට මූලික පොදු අංගහාරය වන්නේ,
- මන්ඩිය
- දණ්ඩියම ය
- ගායනය
- අභිනය
- නර්තනයේදී අංග ප්‍රත්‍යාංග ........... ලෙස ශරීරය කොටස් වෙන් කොට දැක්වේ,
- උපාංග
- පංචාංග
- ගුණාංග
- ශරීරාංග
- නර්තනයක ආහාරය අභිනය මනා ලෙස පිළිබිඹු වන්නේ ............ වලිනි.
- රංග වස්ත්රාභරණ
- අංගචලන
- වේදිකා ආලෝකය
- නාට්‍යමය අවස්ථා
- ශාන්ති කර්මයක් පැවැත්වීමේදී ප්‍රථමයෙන් කරනු ලබන චාරිත්‍රය ලෙස ............. සැලකේ.
- කප් සිටුවීම
- මල් පේ කිරීම
- මඩු පේ කිරීම
- තොට පේ කිරීම
- අතීතයේ සන්නිවේදන කාර්යය සඳහා යොදාගනු ලබන භාණ්ඩයකි.
- දවුල
- ගැට බෙරය
- දඬු බෙරය
- පහතරට බෙරය
- නර්තන විෂය හැදෑරීමේ දී තිත් තාල ක%ම ලියා දැක්වීම .......... නම් වේ.
- ප්‍රස්තාරකරණය
- තාල තැබීම
- වාදනය
- ගායනය
- "නන් උතුම් පෙම්බර ගුණ" මෙම කවි පදය අයත් වන්නේ,
- රබන් කවි වලට ය
- තාලම් කවි වලට ය
- හටන් කවි වලට ය
- රබන් පද වලට ය
- කෝලම් රඟ මඬල හඳුන්වන්නේ,
- තානායම්පල
- අංගම් මඩුව
- වීදිය
- යක් ගෙය
- මුරුගන් දෙවියන්ට පූජෝපහාර පිණිස නටන ද්‍රවිඩ ගැමි නැටුම් වන්නේ,
- කාවඩි
- චෙම්බු
- කුම්මි
- කෝල්ට්ටම්
- නැටුම්, ගැයුම්, වැයුම් සඳහා පොළොන්නරුවෙ සරස්වතී මණ්ඩපයක් ඉදි කරන ලද්දේ ............. රජුය.
- මහා පරාක්‍රමබාහු
- නිශ්ශංක මල්ල
- රාජ සිංහ
- ශ්‍රී වීරපරාක්රම බාහු
- චිත්ත රාජ නම් යක්ෂයා සමග සමඟ සම අසුන් ගෙන දෙව් මිනිස් ගැටුම් නැරඹූ බව සඳහන් වන්නේ,
- පණ්ඩුකාභය රජු
- දුටුගැමුණු රජු
- පඬුවස්දෙව් රජු
- පරාක්‍රමබාහු රජු
- බෙර ඇස සැකසීම සඳහා සිවියක් (හරක් බොක්ක) යොදාගෙන ඇත්තේ,
- පහතරට බෙරය ට
- තම්මැට්ටම ට
- උඩැක්කිය ට
- රබානට
- මහනුවර යුගයේ ප්රශස්ති ගායනය කොට ඇතැයි සැලකෙන්නේ,
- කවිකාර මඩුවේ දී
- මඟුල් මඩුවේ දී
- දළදා මඩුවේදී
- හේවිසි මණ්ඩපයේ දී
- පංච තූර්යවාදන භාණ්ඩ වර්ගීකරණයේදී විතත හා විතතාතය කාණ්ඩයට ගැනෙන්නේ,
- තම්මැට්ටම හා දවුල
- රබාන හා තම්මැට්ටම
- තම්මැට්ටම හා උඩැක්කිය
- දවුල හා තම්මැට්ටම
- මාත්‍රා 2+2+4 යන තාල රූපය හඳුන්වන්නේ,
- දෙසුළු මහ තුන් තිත
- සුළු මැදුම් මහ තුන්තිත
- fදසුළු මැදුම් තුන් තිත
- මැදුම් මහ තුන් තිත
- නළඟන රූප ඇතුළත් ලී කැටයම් ගණනාවක් දැකිය හැක්කේ,
- ඇම්බැක්කේ දේවාලයේ
- ගඩලාදෙණි විහාරයේ
- ලෝවාමහාපායේ
- ලංකාතිලක විහාරයේ
- කොහොඹා කංකාරියට සහභාගී වන ප්‍රධාන ඇඳුරන් හඳුන්වන්නේ,
- යක්දෙස්සන් නමිනි
- කොට්ටෝරුවන් නමිනි
- අත්තෝර කරුවන් නමිනි
- ආතුර යන්න නමිනි
- හණ හා නියඳ වල සුසිනිදු කෙඳි යොදා සකස් කර පවන් සැලීමට යොදා ගන්නා මෙවලමකි,
- චාමර
- අවාන
- සේසත
- සේලය
- කතකලි නර්තනය උගන්වන ප්‍රධාන ආයතනය වන්නේ,
- කේරළ කලා මඩ්ඩලම්
- ශාන්ති නිකේතනය
- කතක් කේන්ද්‍රය
- කලා ක්ෂේත්‍ර ආයතනය
No comments:
Post a Comment