“කෝච්චිය ,ග්‍රහ අපලය,ගම්මානේ මල් පිපිලා “යන මුද්‍රා නාට්‍ය නිර්මාණය කරන ලද්දේ ,
- හීන් නිලමේ ගුරුතුමා
- කේ.එස්.ප්‍රනාන්දු මහතා
- එස්.පනීභාරත මහතා
- නිත්තවෙල ගුණයා මහතා
“එක පදුරෙන් ලී සයක් කපාගෙන“ මෙහි සම්පූර්ණ මාත්‍රා ගණන ,
- 14 කි
- 12 කි
- 16 කි
- 18 කි
මෘදංගය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස භාවිතා කරන නර්තන සම්ප්‍රධාය වන්නේ ,
- භරත
- කථක්
- කථකලී
- මනිපූරි
භරත නාට්‍යම් උගන්වන ප්‍රධාන ආයතන
- ශාන්ති නිකේතනය
- අඩයාර්හි කලා ක්ෂේත්‍රම්
- කේරල කලා මණ්ඩලය
- විශ්ව භාරථී විශ්ව විද්‍යාලය
භරත නර්තන අංගයක් ලෙස ............................... හැදින්විය හැකිය.
- ආමද්
- මාට්ටල්
- ආලාරිප්පු
- පදක්තම්
නවරාත්‍රි උත්සවය පවත්වනු ලබන්නේ ,
- ඉස්ලාම් භක්තිකයින්
- බෞද්දාගමිකයින්
- හින්දු භක්තිකයින්
- කතෝලික ආගමිකයින්
කෝවිල් පුජා වාදනය සදහා යොදා ගනු ලබන්නේ ,
- ගැට බෙරය
- උඩැක්කිය
- තවිල් බෙරය
- පහතරට බෙරය
භාව ප්රකාශනයේ දී අංග , ප්‍රත්‍යංග උපාංග ආදියෙහි ක්‍රියාකාරීත්වය වැදගත් වේ. මෙහිදී ප්‍රත්‍යංග ගණයට අයත් වන්නේ ,
- හිස , කඳ
- කම්මුල , ඇහිබැම
- බෙල්ල , වැලිමිට
- අත් , දණහිස
ශෝකය නැමැති ස්ථායී භාවය තුලින් ............... ලෙස උපදී ,
- ශෘංගාර
- කරුණා
- හාස්‍ය
- රෞද්‍ර
“තෙයියත් තෙයි තා - තිත් තෙයි තත් තා “ මෙය ,
- දෙපැති අඩිය වේ
- තුන්පැති අඩිය වේ
- චක්‍ර අඩිය වේ
- සුරල් අඩිය වේ
සිංහරාජ වන්නමෙහි බෙර පදය වන්නේ,
- දොං ජිංත ගත දොංත
- දොංදොංත තකු දොං
- දෝං ජිං ජිං තකට දොං තක
- ජිං ගත ගො ගො
“ගත්ත තෙහිගු තකට තකු ද “ මෙම අඩව්ව ............ එන අඩව්වයි.
- තුරඟා වන්නමේ
- සිංහරාජ වන්නමේ
- වෛරොඩි වන්නමේ
- හනුමා වන්නමේ
ගැට බෙරයෙහි කොටසක් නොවන්නේ ,
- වෙනිවර කැරැල්ල
- ඉල්ලම්
- කැපුම් හම
- සුරත්තට්ටුව
විතතාතන භාණ්ඩයකි,
- ගැටබෙරය
- තම්මැට්ටම
- දවුල
- උඩැක්කිය
අනාඝාත්මක ගායනා යනු ,
- තාලානූකූල ගායනා
- තාලයක් තැබිය නොහැකි ගායනා
- නාට්‍ය ගී
- අභිචලන ගායනා
වාචික හා ආංගික අභිනයට අයත් වන්නේ ,
- වාදනය සහ නර්ථනය
- ගායනය හා රංග වස්ත්රාභරණ
- නර්ථනය හා වාදනය
- ගායනය හා නර්තනය
සරල බව හා සාමුහික බව දැකිය හැක්කේ ,
- ශාස්ත්‍රීය නැටුම් වලය
- ද්‍රවිඩ නැටුම් වලය
- විදේශීය නැටුම් වලය
- ගැමි නැටුම් වලය
“ලාහක් විතර වී අව්වේ වනාලා“ මෙම කවි පදය ඇතුළත් වන්නේ ,
- නෙළුම් කවි වලය
- සොකරි කවි වලය
- ගොයම් කවි වලය
- මෝල්ගස් කවි වලය
මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකල සරස්වතී මණ්ඩපය තුලින් නර්තන කලාවට ලැබුනු රාජ්‍ය අනුග්‍රහය පැහැදිලි වන්නේ ,
- අනුරාධපුර යුගයේ දීය.
- දඹදෙණිය යුගයේ දීය.
- මහනුවර යුගයේ දීය.
- පොළොන්නරු යුගයේදීය.
“අක්කණ්ඩියේ යමු අපි පන් නෙලන්නට “ මෙහි ,
- ලඝු අක්ෂර 08 කි
- ලඝු අක්ෂර 10 කි
- ලඝු අක්ෂර 16 කි
- ලඝු අක්ෂර 05 කි
No comments:
Post a Comment