නර්තනය
නර්තනය
සැකසුම : ආර්.පී.අබේගුණවර්ධන
9 ශ්‍රේණිය
කාලය විනාඩි : 10 යි.
***භාවිතයට උපදෙස්***
මෙය බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.ය
උඩරට සම්ප්‍රදායට අයත් පා සරඹ හා ගොඩ සරඹ ගණන වන්නේ ,
- පා සරඹ 12 ගොඩ සරඹ 06 කි.
- පා සරම 06 ගොඩ සරම 12 කි.
- පා සරඹ 12 ගොඩ සරඹ 12 කි.
- පා සරඹ 08 ගොඩ සරඹ 06 කි.
7 , 8 , 9 ගොඩ සරඹ නාම පිළීවෙලින් ,
- අර්ධ චක්‍ර සරඹය , අංගහාර සරඹය , දෑත පැගීමේ සරඹය.
- දෑත පැගීමේ සරඹය , අර්ධ චක්‍ර සරඹය , අංගහාර සරඹය.
- අංගහාර සරඹය , අර්ධ චක්‍ර සරඹය , දෑත පැගීමේ සරඹය.
- අර්ධ චක්‍ර සරඹය , දෑත පැගීමේ සරඹය , අංගහාර සරඹය.
10 , 11 , 12 පා සරඹ නාමයන් පිළිවෙලින් ,
- සුරල් අඩිය , චක්‍ර අඩිය , තුන් පැති අඩිය.
- තුන් පැ.ති අඩිය , සුරල් අඩිය , චක්‍ර අඩිය.
- චක්‍ර අඩිය , තුන් පැති අඩිය , සුරල් අඩිය.
- තුන් පැති අඩිය , චක්‍ර අඩිය , සුරල් අඩිය.
සතර බීජාක්ෂර නිවැරදිව දැක්වෙන වරණය තොරන්න.
- තත් , තොං , නං , ජිත්.
- ජිත් , තොං , නං , තත්.
- තත් , ජිත් , තොං , නං.
- නං , තත් , ජිත් , තොං.
මාත්‍ර 03 තාල රූපයට අයත් බෙර පදය තොරන්න.
- දොමිකිත කිත දොම්
- ජිං ගත ගො ගො
- කුඳගත ගත දොම්
- දොදොංත තකු දොං
උඩරට බෙරයෙන් වාදනය කරන බෙර සරඹය තෝරන්න.
- ගුහිති ගහිති
- ගුහිති ගදිරිකිට
- කිත්තක දොමිකිට - කිටිතක දොමිකිට
- තකට කුදට
සිංහරාජ වන්නමේ තාල රූපය.
- මාත්‍රා 2 තාල රූපය.
- මාත්‍රා 3 තාල රූපය.
- මාත්‍රා 4 තාල රූපය.
- මාත්‍රා 2 +3 තාල රූපය.
සිංහරාජ වන්නමේ බෙර පදය.
- දොමි කිත කිත දොම්
- දොදොංත තකු දොං
- කුඳ ගත ගත දොං
- තක දිත් තක දොං
“ගාන තෙල් සඳුන් වරලස “ මෙම කවි පදය අයත් ජන කවි වර්ගය.
- කඩතුරා කවියකි.
- පන් නෙලීමේ කවියකි.
- ගොයම් කවියකි.
- සොකරි කවියකි.
ගොයම් කැපීමේ දී යොදාගන්නා උපකරණය හඳුන්වන්නේ ,
- විය ගහ නමිනි.
- විසි කැත්ත නමිනි.
- දෑකැත්ත නමිනි.
- ගොයම් කැත්ත නමිනි.
6 ප්‍රශ්නේ උත්තරය D.ජිං ගත ගොගො
ReplyDelete